දේශපාලකයින්ගේ පැමිණිලි යට ගැසූ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණ

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය කාලයේ විවිධ දේශපාලනඥයන් සහ පුද්ගලයන්ට විරුද්ධව තිබූ පැමිණිලි යට ගසා එම පැමිණිලිවලට අදාළ පරීක්ෂණ සිදු නොකළ සියලුම ‍පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ‍පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.‍පොලිසියේ එම නිලධාරීන් සම්බන්ධව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඇතැම් සිද්ධීන් පිළිබඳ පැමිණිලි ලැබි පසුව ඒවාට අදාළ සාක්ෂි තිබියදීත් පුද්ගලයන්ගේ තරාතිරම මත සාක්ෂි වෙනස් කොට ඇතැම් පැමිණිලි යට ගැසීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවී තිබේ.

අදාළ සිද්ධීන් පිළිබඳව ඉදිරියේදී එම නිලධාරින්ගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත් එහිදී ඔවුන් විසින් සිදුකරන හෙළිදරව් මත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ‍පොලිස් මූලස්ථානයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් ගාල්ලගේ

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 7 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!