චන්ද්‍රිකාට මහින්ද “ඝාතකයෙක්” | ප්‍රභාකරන් “මිස්ටර් ප්‍රභාකරන්”

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපතිනිය යාපනයට ගොස් පොදු අපේක්ෂකයාට සහය දීමේ රැලියේ දී පැවැසු “මිස්ට ප්‍රභාකරන්“ යැයි ප්‍රකාශයත් දකුණට ඇවිත් මහින්ද ඒකාධිපතියෙක්, ඝාතකයෙක් ලෙස ප්‍රකාශ කිරීමත් ජනතාව සාවධානව සවන් දියයුතු බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
තිස්වරසක් පුරා ත්‍රස්තවාදයට නායකත්වය දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බිල්ලට ගත් ප්‍රභාකරන්ව මිසිස් චන්ද්‍රිකා මිස්ට යැයි කීමෙන් ඇය මේ රටේ ජනතාව සමඟ කොයිතරම් වෛරයකින් සිටින්නේ දැයි පෙන්නුම් කරන බව හෙතෙම කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (1) පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.
මෙම ද්‍රෝහි හා වංක ප්‍රකාශ පිළිබඳ රටට හෙළිකරන්නැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව පැවැසු ඒ මහතා එම කතාව එකවරක් නොව කිහිප වතාවක් ආසා තේරුම් ගන්නැයි ඉල්ලා සිටින බවත් කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද කීවේය.
හිටපු ජනාධිපතිනිය සති දෙකකට කලින් කොළඹ දී කිව්වා යුද්ධයෙන් සියයට 75 ක් ඉවර කළේ එතුමිය කියළා. ඊට පස්සේ යාපනයට ගිහින් තව කතාවක් කියනවා. මෙතන ඉන්න දෙමළ මාධ්‍ය සහෝදරයින්ගෙන් ඉල්ලා සිටිනවා මේ දෙබිඩි, වංක ප්‍රකාශ ඔබෙ මාධ්‍යයෙන් ප්‍රකාශ කරන්න. ඇය මේ මඟින් කටයුතු දෙකක් කරන්න උත්සහ කරනවා. 2009 ජනවාරි දෙවැනිද එළිවුණේ මෙරට ත්‍රස්තවාදයට අකමැති ජනතාවට සතුට දනවන පුවතක් එක්ක. ඒ තමයි දෙමළ ත්‍රස්තවාදයේ සිහින රාජ්‍යයේ ශ්‍රී ලංකාව හමුදාව විසින් අත්පත් කරගත්තා කියලා ලෝකයේම මාධ්‍ය කිව්වා. එතකොට චන්ද්‍රිකා මහත්මිය කියන ප්‍රභාකරන් මහත්තයගේ පුටුව රත්වෙන්න ගත්තා. ඔහු පසුපස අනතුරක් තිබෙනවා කියලා. ත්‍රස්තවාදී නායකයාගේ මළ සිරුර අත්කර ගත් රණවිරුවන්, ශවීන්ද්‍ර සිල්වා, ප්‍රසන්න සිල්වාට හිටපු ජනාධිපතිනිය ඇඟිල්ල දික් කරලා කියනවා උබලා මේ ඝාතනය කළේ මහත්තයෙක්. ත්‍රස්තවාදියක් නෙවෙයි බෙදුම්වාදියෙක් රාජ්‍ය ත්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා. මේ කරන්නේ ජිනීවාවලට ගෙන යන පාර හදන්න මහින්ද ත්‍රස්තවාදියෙක් කියලා පෙන්වීම. මෙය ජාතීයේ වෛරී පෙරමුණක්, මෙය මහින්දට, සන්ධාන ආණ්ඩුවට නෙවෙයි රටේ ජනතාවට එරෙහිව පෙරමුණක්. මේ මොහොත දක්වා නිශ්චිත දේශපාලනයක් නොමැතිව මහින්ද විරෝධීව ගෙන යන බව ඔබ තේරුම් ගන්න. ඔබට විවිධ කාරණා ඇති නමුත් මෙය ප්‍රමුඛ කාරණය කරගන්න.
මෙහිදි ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, ඇමැතිවරුන් වන ඩබ්ලිව් .ඩී. ජේ සෙනවිරත්න, මහින්ද සමරසිංහ, තිස්ස අත්තනායක මහත්වරුන්ද අදහස් දැක්වූහ. [sexypoll id=”9″]

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!