ගංවතුරත් සමග ලේ අතීසාරය, පාචනය, මී උණ, ඩෙංගු ඇතුළු වසංගත රැසක දැඩි අවධානමක්

ගංවතුරත් සමග ලේ අතීසාරය, පාචනය, මී උණ, ඩෙංගු ඇතුළු වසංගත රැසක දැඩි අවධානමක්

Spread the love
  •  
  •  
  •  
  •  

අධික වර්ෂාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල හට ගෙන ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල රක්‌ත අතීසාරය (ලේ අතීසාරය) පාචනය හා මී උණ (ලෙප්ටොස්‌පයිරෝසිස්‌) ඇතුළු ජලයෙන් බෝ වන රෝග පැතිරීමේ දැඩි අවදානමක්‌ පවතින බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු අනතුරු අඟවති.
ගංවතුර පවතින ප්‍රදේශවල ජල මට්‌ටම ඉහළ යැමත් සමඟ එම ප්‍රදේශවල වැසිකිළි වළවල් ඉතිරීමෙන් හා පසෙහි පවතින කුණු කසළ සේදී යැමෙන් සමෙහි රෝග හට ගැනීමේ මෙන්ම ළිං වැනි පානීය ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමේ අවදානමක්‌ ඇතැයි එම වෛද්‍ය නිලධාරීහු කියා සිටිති.
මෙම තත්ත්වය මත එවැනි බෝවන රෝග තත්ත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීම් කරති.
ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාව පහත සඳහන් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමෙන් මෙම බෝ වන රෝග පැතිරීම පාලනය කළ හැකි බව වෛද්‍ය මතය වී තිබේ.
මේ අනුව, හැකි සෑම අවස්‌ථාවකදීම උණුකර නිවාගත් පිරිසිදු ජලය හෝ බෝතල් කරන ලද ජලය පානය කිරීම වැදගත්ය.
* නළ ජලය වුවද පානය කිරීමට හා ආහාර පිරිසිදු කිරීම, සැකසීම, පිසීම සඳහා යොදා ගන්නේ නම් උණු කර නිවා ගැනීම වඩාත් යෝග්‍යය.
* පලතුරු, එළවළු හා පලා වර්ග භාවිතයට ඉතා හොඳින් පිරිසිදු කර ගත යුතු අතර මෙම දිනවල ගංවතුර තත්ත්වය පහව යන තෙක්‌ අමු එළවළු හා පලාවර්ග අනුභව කිරීමෙන් වැළකී සිටිය යුතුය.
* හොඳින් පිසගත් ආහාර පමණක්‌ සෑම විටම ආහාරයට ගත යුතුය.
* පිටතින් ලබා දෙන හා තමන් විසින් සකස්‌ කර ගත් ආහාර කල් නොයවා කඩිනමින් පරිභෝජනයට ගතයුතු අතර, පරිභෝaජනයට පෙර නරක්‌ වීමේ මූලික ලක්‍ෂණ ඇති දැයි පරීක්‍ෂා කර බැලිය යුතුය.
* ආහාර පිළියෙල කරගත් පසු මැස්‌සන් නොවසන පරිදි ඒවා ඉතා හොඳින් වසා තැබිය යුතුය.
* ගංවතුරට යට වූ ළිං නැවත භාවිතයට පෙර ක්‌ලෝරීන් විෂ බීජ නාශකය ඉස පිරිසිදු කර ගත යුතුය. මේ සඳහා අවශ්‍ය උපදෙස්‌ හා ක්‌ලෝරීන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබාගත හැකිය.
* භාවිත කරන වැසිකිළි ජලයෙන් යට වී ඇත්නම් උස්‌ බිමක පිහිටි වැසිකිළි භාවිත කළ යුතුය. වැසිකිsළි යැමෙන් පසු සබන් යොදා දැත් සේදිය යුතුය.
* පාචනය, ලේ අතීසාරය හා මීඋණ වැනි රෝගවලට අදාළ රෝග ලක්‍ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුය.
* ගංවතුර තත්ත්වය බැස යනවිට ජලය එක තැන රැඳීමෙන් ඩෙංගු හා බරවා වැනි මදුරුවන් බෝවියහැකි අතර එම රෝග වැඩි වීමේ අවදානමක්‌ පවතී. එම නිසා එම ජලය රැඳෙන ස්‌ථාන පරිසරයෙන් ඉවත් කරන්න.
* කැළි කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය හැකි සෑමවිටම නිසි පරිදි බැහැර කළ යුතුය.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!