“දුරකතන සංවාදය ඇත්ත එකක්”-දිල්රුක්‍ෂි ඩයස්

“දුරකතන සංවාදය ඇත්ත එකක්”-දිල්රුක්‍ෂි ඩයස්

Spread the love
  • 261
  •  
  •  
  •  
    261
    Shares

නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20)  සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කර ඇතැයි ද වාර්තා වේ.

(Visited 871 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!