“දුමින්ද නිදොස්කොට නිදහස් කිරීමට සියල්ල සූදානම්..”-රනිල් හිරුනිකා ගැටුමේ සත්‍ය හේතුව මෙයයි

“දුමින්ද නිදොස්කොට නිදහස් කිරීමට සියල්ල සූදානම්..”-රනිල් හිරුනිකා ගැටුමේ සත්‍ය හේතුව මෙයයි

Spread the love
  • 173
  •  
  •  
  •  
    173
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරන දඩුවම නියමවී සිටින හිටපු පා.ම දුමින්ද සිල්වා නුදුරේදීම සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම සඳහා ඉඩකඩ පවතින බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙරමුණ ගැනීමට හේතුවද මෙම නඩුව හා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළම පාර්ශවයන් අතර පවතින මත ගැටුමක් බවටද තොරතුරු අනාවණය වී ඇත. දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ නීති අංශ අනියම් ආකාරයෙන් පෙළඹවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් ඇතැයි යන කරුණ ආණ්ඩුවේ ප්‍රධානියෙකු විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳ උරණ වූ මන්ත්‍රීවරිය නඩුවේ අභියාචනා තීන්දුව ලබා දෙන අවස්ථාවේදී බරපතල ප්‍රකාශයක් නිකුත් කරමින් දේශපාලන පෙරළියකට සූදානම් වන බවත් වාර්තා වී ඇත.
මහාධිකරණය විසින් නියම කළ මරණීය දණ්ඩන නියෝගය අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ විත්තිකරුවන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනකු ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගය සිව්වන දිනටත් ඊයේ (8) අගවිනිසුරුවයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී සිදුකෙරිණි.
එහිදී එම නඩුවේ විත්තිකරුවකු වන හිටපු ‍පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මෙල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරමින් මහාධිකරණය නිකුත් කළ තීන්දු ප්‍රකාශයක් නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.
අපරාධ නඩුවක් විභාග කරන යම් විනිසුරු මඬුල්ලක් බෙදුනු තීන්දුවක් ලබාදෙන්නේ නම් සිය තීන්දුවට හේතුපාදක වූ කරුණු පැහැදිලිව දක්වමින් වෙන් වෙන්ව තීන්දු ප්‍රකාශ නිකුත් කළ යුතු බව එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එලෙස නොකිරීම දෝෂ සහගත බවද අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.
පැමිණිල්ල විසින් සිය සේවාදායකයන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමනය කළ මහාධිකරණ විශේෂ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්‍ලේ සභාපති විනිසුරුවරයා ඔවුන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට සිය තීන්දුව මගින් ප්‍රකාශයට පත්කර තිබූ බවද ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙන්වා දුන්නේය.
මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මිය විත්තිකරුවන් පස්දෙනකු වරදකරුවන් බවට නිගමනය කොට ඔවුනට මරණීය දණ්ඩනය නියම කළ බවත් සෙසු සාමාජික විනිසුරුවරයා එම තීන්දුවට එකඟ වී ඇති නමුත් වෙන්ව තීන්දුවක් නිකුත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
එම අභියාචනා පෙත්සම් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය හෙට (10) වැනිදා යළි පැවැත්වීමට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය.

(Visited 608 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!