“දුමින්ද නිදහස් වෙයි…?”-ඉරණමේ තින්දුව ලබන 11 වෙනිදා

“දුමින්ද නිදහස් වෙයි…?”-ඉරණමේ තින්දුව ලබන 11 වෙනිදා

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තවත් පුද්ගලයින් සිවු දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 05 දෙනකු, තමන්ට නියම කරන ලද මරණ දඬුවමින් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සමේ තීන්දුව ලබන 11 වැනිදා ශේ්‍රෂ්ඨාධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.මෙම ආන්දෝලනාත්මක තීන්දුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවන් වන බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා, විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සැදුම් ලත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.2011 ඔක්තෝබර් 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මුල්‍ලේරියාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනකුට වෙඩි තබා ඝාතනය කරන ලදැයි නීතිපතිවරයා පවරා තිබූ අධි චෝදනාවලට කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් 2015 සැප්තැම්බර් 08 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 05 දෙනකුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබිණි. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් එම තීන්දුවට එරෙහිව විශේෂ අභියාචනයක් ශේ්‍රෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහි තීන්දුව ලබන 12 වැනිදා ලබා දීමට නියමිතය.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!