‘දුමින්ද,බැසිල්’ සාකච්ඡාව නිමයි – තීන්දුව මෙන්න..?

‘දුමින්ද,බැසිල්’ සාකච්ඡාව නිමයි – තීන්දුව මෙන්න..?

Spread the love
  • 63
  •  
  •  
  •  
    63
    Shares

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර අද (31) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇත.නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව දුමින්ද දිසානායක මහතා මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතාට ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.කෙසේවුවද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් බර ගන්නැයි බැසිල් රාජපක්ෂ මහතා කල ආරාධනා කර ඇත.

(Visited 474 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!