දුමින්දගේ නඩු 3 ක් නොවැම්බර් පළමුවෙනිදාට කල් යයි

දුමින්දගේ නඩු 3 ක් නොවැම්බර් පළමුවෙනිදාට කල් යයි

Spread the love
  •  
  •  
  •  
  •  

අඛණ්ඩව වසර 3ක් වත්කම් හා බැරකම් ප‍්‍රකාශ භාර නොදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට පවරා ඇති නඩු 3ක් ලබන නොවැම්බර් මස පළමුවෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද දින නියම කළේය.
මෙම නඩු තුන පවරා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්ය. ඒවා සලකා බැලීමට නියමිත අධිකරණයේ විනිසුරුවරිය වන අතිරේක මහේස්ත‍්‍රාත් අරුණි ආටිගල අද රාජකාරී නිවාඩුවක් ලබාගෙන තිබේ.
ඒ අනුව අදාළ නඩු තුන නොවැම්බර් මස පළමු වෙනිදා විභාගයට ගැනීමට දින නියම කෙරුනි.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!