දිල්රුක්ෂිගේ ලිපිය බාර ගැනීමට ඊයේ බෑ කියා අද බාර ගනී

දිල්රුක්ෂිගේ ලිපිය බාර ගැනීමට ඊයේ බෑ කියා අද බාර ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ජනාධිපතිවරයා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් අද බාර ගෙන තිබේ.
ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරියගේ ඉල්ලා අස්වීම පිළිගත හොත් ජනාධිපතිවරයා ස්වාධීන කොමිෂන් සභා වෙත බලපෑම් කළ බව ඒත්තු ගැන්වෙන බැවින් එකී ඉල්ලා අස්වීම බාර නොගැනීමට ජනාධිපතිවරයා විසින් ඊයේ සවස් වන විටත් තීන්දු කර තිබූ නමුත් කිසිසේත්ම තමන් යලි ධූරයේ සේවය නොකිරීමට දිල්රුක්ෂි ඩයස් මහත්මිය තීරණය කර තිබූ බැවින් ඉල්ලා අස්වීම පිළිගෙන තිබේ.
ඒ අනුව අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට නව අයෙක් පත් කෙරෙනු ඇත.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!