දිය පොදත් ජාතිවාදයෙන් බෙදා වෙන් කරයි – උතුරේ ළිං වතුර රණවිරුවන්ට තහනම්

දිය පොදත් ජාතිවාදයෙන් බෙදා වෙන් කරයි – උතුරේ ළිං වතුර රණවිරුවන්ට තහනම්

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

කුරුරු ත්‍රස්තවාදයෙන් උතුරේ ජනතාව මුදවා ගැනීමට සිය ජීවිත පුජා කරමින් කැපකිරීම් කළේ රණවිරුවන් ය. යුද සමයේ තමන්ට ලැබුනු වතුර බෝතලය, ආහාර පාර්සලය යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාවට ලබා දුන්නේ රණවිරුවන් ය.එවන් මානුෂික ගුණාංග වලින් යුත් රණවිරුවන්ට වර්තමානයේ උතුරු පළාතේ දේශපාලකයන් විසින් දිය බිඳක් ලබා ගැනීම පවා තහනම් කර තිබෙන බවට අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.මේ අනුව උතුරු පළාතට අයත් කයිට්‌ස්‌ දූපතේ ළිංවලින් නාවික හමුදාවට ජලය ලබාගැනීම තහනම් කරමින් කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාව යෝජනාවක්‌ සම්මත කර ඇත. මේ යෝජනාව කයිට්‌ස්‌ දූපතේ නාවික බලධාරීන් වෙතද යවා තිබෙන අතර කයිට්‌ස්‌හි මන්කුලි ප්‍රදේශයේ ළිංවලින් ජලය ලබාගැනීම නතර කළ යුතු බව එම තහනම් නියෝගයේ දක්‌වා ඇත.මේ අනුව උතුරේ පානිය ජල ජල බිඳක අයිතිය පවා රණවිරුවන්ට අහිමි වන අවාසනාවන්ත තත්වයක් ඇතිව තිබේ.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!