දින 100 වැඩසටහනට 62% ක් අකමැතියි

දින 100 වැඩසටහනට 62% ක් අකමැතියි

Spread the love
  •  
  •  
  •  
  •  

වත්මන් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහජන අදහස් කෙබඳුදැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය සමීක්‍ෂණයක් සිදුකර තිබෙනවා. මෙම සමික්‍ෂණයට සහභාගි වුවන්ගෙන් 62%ක්ම ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අපේක්‍ෂා කළ මට්ටමින් දින සියයේ වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවීමට ආණ්ඩුව අපොහෝසත් වී ඇති බවයි. 32%ක් ආණ්ඩුව ගනු ලැබු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් යම්තාක් දුරකට සෑහිමකට පත්ව සිටිනවා. ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සෑහිමකට පත්වි සිටින්නේ සමික්‍ෂණයට සහභාගිවුවන්ගෙන් 06%ක් පමණයි.

අල්ලස් සහ දූෂණ මැඩලීමේ ආයතන ශක්තිමත් කිරීමට ආණ්ඩුව ක‍්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් හෝ යම්තාක් දුරට සෑහිමකට පත්විය හැකි බව 57%ක් ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් 43%ක් ප‍්‍රකාශ කර ඇත්තේ අල්ලස් සහ දූෂණ මැඩලීමේ ආයතන ශක්තිමත් කිරීම සඳහා ද ආණ්ඩුව ක‍්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවයි.

මේ අතර වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් 75%ක් යම්තාක් දුරට හෝ සම්පූර්ණයෙන් සෑහිමකට පත්ව සිටිනවා. රාජ්‍ය මාධ්‍යයන්ගේ වත්මන් හැසිරීම සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බව ප‍්‍රකාශ කර ඇත්තේ 25%ක් පමණයි.

මෙම සමික්‍ෂණය සඳහා සෑම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පුද්ගලයින් 875 දෙනෙකු සහභාගි කරවාගෙන තිබෙනවා.

 

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!