දින 100 නමට පමණයි-අනුර

Spread the love
  •  
  •  
  •  
  •  

නව ආණ්ඩුවේ දින සියයේ වැඩසටහන අතාර්කික බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා කියා සිටියේ එම වැඩසටහන මැතිවරණ ප‍්‍රකාශනයක් ලෙස පමණක් සාර්ථක බවයි.
වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වූවා.

මේ වෙලාවේ තියෙන්නේ හරි අපූරු පාලනයක්න අපේ රටේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බහුතර ඡන්දයෙන් ජනාධිපති ධූරය අත්පත් කරගන්නා මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් 136කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන පාර්ලිමේතුවේ මන්ත්‍රී ධූර 41ක් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නායකයා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් අග්‍රාමාත්‍යවරයා. එතකොට මේක මීට කලින් වෙලා නැහැ.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, පාර්ලිමේන්තුවේ බහුතරය එකට හිටගන්නවා කෙටි කාලයක් ඇතුලත. ඒ එක පෙළට හිට ගන්නා හැම මොහොතකම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර නීති තමයි සම්පාදනය වුනේ.ජනතාවට දෙගිඩියාවක් තියෙනවා මේක දිගටම තියෙයිද. මෙහෙම පවතින්නේ කොහොමද. මේක පවතින්නේ නැහැ. මේක ඉතා කෙටි කාලයක් තුල ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, පාර්ලිමේන්තුවේ බහුතරය එක පෙළකට හිටගෙන අවසන් වෙනවා. අපි උත්සාහ කරන්නේ අඩුම තරමින් දින 100යේ කාලය තුලවත් තල්ලු කරගන්න.

 

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!