දින දෙක තුනයි…ක්‍ෂණිකව නඩු අහන විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ තින්දුව ගෝඨාභයටයි

දින දෙක තුනයි…ක්‍ෂණිකව නඩු අහන විශේෂ මහාධිකරණයේ පළමු නඩුවේ තින්දුව ගෝඨාභයටයි

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

ඉදිරියේදී ස්ථාපිත කිරීමට යන විශේෂ අධිකරණයේ පළමුවෙන්ම විභාගයට ගන්නට යන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහත්වරුන්ට එරෙහි පවරා ඇති නඩු දෙකක් බව රජයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළි කළේය.ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් කිහිපදෙනකු අතර පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුව මෙම නඩු පළමුව විභාග කිරීමට නියමිත වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.අදාළ නඩු කඩිනමින් සකස් කර නීතිපතිවරයා මඟින් අගවිනිසුරුවරයා ඔස්සේ විශේෂ අධිකරණය වෙත යැවීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ. පසුගිය සතියේද අධිකරණ අමාත්‍යාංශයේදී මෙම විශේෂ අධිකරණ සඳහා යොමු කරන නඩු කවරේදැයි නිගමනය කිරීමට විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.එහි තීරණයක් මත පළමුවෙන්ම විභාග කරන නඩු ගැන එකඟතාවකට පැමිණි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.දැනගන්නට ඇති අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විභාගයට ගැනීමට යන්නේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම වෙනුවෙන් පහත්බිම් සංවර්ධන මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් මිලියන 90ක් නොගෙවීම මඟින් රාජ්‍ය මුදල් අවභාවිත කර ඇති බව කෙරෙන චෝදනාවයි.ගාමිණී සෙනරත් මහතාට එරෙහිව විභාගයට ගන්නට යන නඩුව වන්නේ හයට් රීජන්සි කලම්බු (ග්‍රෑන්ඩ් හයට් කලම්බු) නමැති හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු රුපියල් බිලියන 18.5ක මුදලින් රුපියල් බිලියන 4ක් නීති විරෝධී ලෙස අනුමැතිය නොලත් හම්බන්තොට ප්‍රදේශයේ හයට් රීජන්සි නමැති හෝටල් ව්‍යාපෘතියට මුදල් යොදවා රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට කෙරෙන චෝදනාවයි.

(Visited 91 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!