දැවැන්ත මුල්‍ය වංචාවයි….,ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

දැවැන්ත මුල්‍ය වංචාවයි….,ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමණාකරු බ්‍රයන් තෝමස් රිමාන්ඩ්…

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

බරපතල මූල්‍ය අපරාධ කිහිපයක් සිදුකළ ශ්‍රී ලන්කා ක්‍රිකට් ආයතනයේ හිටපු මාධ්‍ය කළමණාකරු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ බ්‍රයන් තෝමස් කොලඹ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩන්ගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින් සහ දේශපාලකයින්ගේ නෑ හිතවතුන් ඇතුලු විශාල පිරිසකට මොහු විසින් මූල්‍ය වන්චා සිදු කර ඇති බව වාර්තා වන අතර, මොහු විසින් සිදු කරන ලද මූල්‍ය වන්චා රුපියල් බිලියන ගණනක් වන බව පැවසේ. සැකකරුගේ මූල්‍ය වන්චාවට හසුවූ පුද්ගලයින් විසින් දිගින් දිගටම කරන ලද පැමිණිලි අනුව පොලිසිය විසින් සැකකරු අත් අඩන්ගුවට ගෙන ඇත.පසුගියදා අත් අඩන්ගුවට ගන්නා අවස්ථාවේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ සැකකරු ව්‍යාජ රෝගී තත්ත්වයක් මවා පාමින් මේ වන විට බන්ධනාගාර රෝහලට මාරු වී ඇති බව ද වාර්තා වේ.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!