“දැන් නිල් පාට කලු වෙලා නිසා අද මම නිල් ටයි එකක් දැම්මා…” – ගෝඨාභය

“දැන් නිල් පාට කලු වෙලා නිසා අද මම නිල් ටයි එකක් දැම්මා…” – ගෝඨාභය

Spread the love
  •  
  •  
  •  
  •  

නිල් පාටත් දැන් කළුපාට වී ඇති නිසා නිල් පාටම ටයි පටියක්‌ පැළඳ තමා පැමිණියේ යෑයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (8 වැනිදා) මහා පරිමාණ දූෂණ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්‌ථාවේදී කියා සිටියේය.
ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දීමට පැමිණෙද්දී කළු පැහැති ටයි පටියක්‌ පැළඳගෙන සිය විරෝධය පළ කරමින් පැමිණෙන බව පෙරේදා පැමිණි අවස්‌ථාවේ පැවසුවත් ඊයේ (8 වැනිදා) දිනයේ නිල් පැහැති ටයි පටියක්‌ පැළඳගෙන ආවේ මන් දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
රක්‌නා ලංකා ආරක්‍ෂක අංශයේ සිදුවී ඇති බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රසිද්ධ සාක්‍ෂි විභාගය සඳහා රාජපක්‍ෂ මහතා ඊයේ (8 දා) පස්‌වැනි දිනටත් එම කොමිසම හමුවේ පෙනී සිටියේය.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!