දරුවන් නැති කත නිරුවත් කරයි…කට්ටඩියා තක්කඩි වැඩක් කරයි…

දරුවන් නැති කත නිරුවත් කරයි…කට්ටඩියා තක්කඩි වැඩක් කරයි…

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබාදීම හා නිවෙස්වල පවතින ආරවුල් තුරන්කරල සතුට සාමය ලබාදෙන පවසා මුදල් ලබා ගෙන ලිංගික ආශාව සපුරා ගන්න 30 හැවිරිදි කට්ටඩියකු ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටියදී ගලේවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මේ කට්ටඩියා නිවෙස තුළදීම අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.අන්තර්ජාලය සහ දුරකතන ඔස්සේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් දැන හඳුනාගෙන මේ පුද්ගලයා කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිදුකොට තිබේ. ඒ අනුව ගලේවෙල ගලපාමුල ප්‍රදේශයේ නිවෙසක කාන්තාවක් සමඟ හිතවත්කම් පෙන්වා එම කාන්තාවට බහිරව පූජා සහ පවුලේ දියුණුවට ශාන්ති කර්මයක් සිදු කොට පසුව එම ප්‍රදේශයේ ජනතාවට එම කාන්තාව මඟින් ප්‍රචාරයක් ලබාදී, දරුවන් නොමැති අයට දරුවන් ලබාදීම පවුල් අතර ගැටුම් ඇතිවී ඇත්නම් ඒවා සමථයකට පත් කරදීම සහ විවිධ කාන්තා ලෙඩ රෝග සුව කරන බවට තොරතුරු ලබාදී තිබේ.ඒ අනුව දරුවන් නොමැති මවුවරුන්ට දරුවන් ලබාදීම සඳහා මෙම පුද්ගලයා එම නිවෙසේ කාමරයක් යොදාගෙන තනි තනිවම කාන්තාවන් කාමරයට ගෙන සිරුරේ තෙල් ගා ස්පර්ශ කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම ග්‍රහණයට හසුවූ කාන්තාවන් දෙදෙනකු මේ පිළිබඳව වහා ගලේවෙල පොලිසියට දැනුම් දී තිබේ.

(Visited 89 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!