දරුවන් දෙදෙනා ශාසනයට පූජා කල මව ගිණි තබා ගෙන නසී

දරුවන් දෙදෙනා ශාසනයට පූජා කල මව ගිණි තබා ගෙන නසී

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

රාදිකා විවාහක සැමියත් එක්‌ක තරහ වී පුංචි දරු පැටවු දෙන්නත් අරන් වැල්ලවට ආවේ වී මෝලක කුලී රස්‌සාවටයි. පුංචි එවුන් දෙන්නගේ බඩගින්න නිවන්න ඇයට රෑ දවල් වී මෝලේ වැඩ කරන්න වුණා. තාමත් තාරුණ්‍ය ඉක්‌මවලා නොගිය රාදිකා එක්‌ක වී මෝලේ නාටාමි කෙනකු වූ සම්පත් වැඩි කලක්‌ නොගිහින්ම සබඳකමක පැටලුනා.
හැඩිදැඩි සිරුරක්‌ හිමි සම්පත් රස්‌සාවෙන් හොඳ හැටි හම්බ කළ නිසාත්, රාදිකාගේ දරුවන්ට හොඳට සැලකුව නිසාත් ටික දිනක්‌ ගත වෙද්දී ඔවුන් එකම පවුලක්‌ වුණා. මේ අතර සම්පත් නිවාඩු දවස්‌වල මේ ගෙදරට යාළුවනුත් ගෙන්නගෙන අරක්‌කු සාද පැවැත්වුවා. රාදිකාට ඔවුන්ට කටගැස්‌ම හදන්න සිද්ධ වුණා. පස්‌සේ සම්පත්ගේ ඉල්ලීම මත යාළුවන්ගේ කටගැස්‌මත් වෙන්ඩ වුණා.
මේ නිසා රාදිකාට ජීවිතය එපා වුණා. ඇය මේ බව සම්පත්ට කීවම ඔහු කළේ රුපියල් ලක්‍ෂ දෙකක්‌ ඒජන්සියකින් අරගෙන රාදිකාව මැදපෙරදිගට පැටවීමයි. රුපියල් දෙලක්‍ෂය අරගත්ත සම්පත් දරු දෙන්නත් එක්‌ක මේ ගෙදරම ජීවත් වුණා. හැමදාම රෑට මිතුරන් රංචු පිටින් ආවේ මත්පැන් හා ගණිකාවන් සමඟයි. ඔවුන්ට ආවතේව කරන්න දරුවෝ යොදා ගත්තා.
කුමක්‌ හෝ හේතුවක්‌ නිසා රාදිකා ආපසු ලංකාවට එවුවා. සම්පත්ගේ කල්කිරියාව නතර වුණේ නෑ. ගමේ මිනිසුන්ට මේක වධයක්‌ වුණා. ඒජන්සිකාරයෝ ආපසු රට යන්න හෝ සල්ලි ඉල්ලන් කරදර කරන්න වුණා.
මේවා ඉවසන්න බැරි තැන රාදිකා දවසක්‌ පුංචි එවුන් දෙන්නත් එක්‌ක ගියේ පොල්ගහවෙල පැත්තේ පන්සලකට. ඇය දරු දෙදෙනා ශාසනයට පූජා කළා. ලාම්පුතෙල් බෝතලයක්‌ ඇඟේ හලාගත්ත ඇය ගිනි තියා ගත්තා.

(Visited 53 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!