“දන්නෝ දනිති” ගම්මන්පිල්ලේ හරීන්ගේ ඔට්ටුව ගැන කියන දේ…..

Spread the love
  •  
  •  
  •  
  •  

ඌවේ මැතිවරණයෙන් හරීන් ප‍්‍රනාන්දු මනාප 50000 කට වඩා ගත්තොත් තමන් අස්වන බවට බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහතා කල අභියෝග සම්බන්ධයෙන් ඒ මහතා ප‍්‍රතිචාර දක්වා තිබේ.

මේ දිනවල විදෙස් සංචාරයක නිරත වන ගම්මන්පිල මහතාගෙන් එක්සත් ජාතීන්ගේ ලංකා  නියෝජිත පාලිත කොහොන  ද ඒ ගැන කල විමසීමකදී මෙස් සඳහන් කර ඇත.

‘රූපවාහිනී සංවාදයකදි මම නගපු තර්ක වලට උත්තර දෙනවා වෙනුවට මට හරීන් කිවුවා ඔබතුමා මෙතන මොනවා කිව්වත් කොළඹදී මනාපෙන් දෙවනියනේ කියලා.

මම එතකොට හරීන්ට කිව්වා මම දෙවැනියා වුණේ පෝස්ටර් නැතුව ප‍්‍රචාරක කටයුතු කරලා.  එහෙම වෙලත් මම මනාප 116445ක් ගත්තා.  මම ඔබතුමාට අභියෝග කරනවා පුළුවන්නම් පෝස්ටර් නැතුව ජන්ද කරලා මනාප ලක්ෂයක් අරන් පෙන්වන්න. ඒකට හරීන්ගේ ප‍්‍රතිචාරය වුණේ බදුල්ලෙන් මනාප ලක්ෂයක් ගන්න අමාරු බවයි.

මම එතකොට කිවුවා හරීන් මම ඔබතුමාට 50% ක වට්ටමක් දෙන්නම්.  පුළුවන් නම් 50000 ක් මනාප ගන්න.  නමුත් පෝස්ටර් නැතුව ජන්ද කරන්න අමාරු අව දන්න හරීන් ඒ අභියෝගය භාරගත්තේ නෑ.  මගේ අභියෝගය  හරීන් භාරගන්තේ නැතිව විතරක් නෙමෙයි බදුල්ල පුරාම පෝස්ටර් ගැහුවා. ඉතින්්  ඇයි මම අස්වෙන්න  ඕනෑ.

මම ලංකාවට ගියාම මාධ්‍ය හමුවක් තියලා ඇත්ත කියනවා.  හරීන් වගේම රූපවාහිනී සංවාදය බලපු හැමෝම ඇත්ත මොකද්ද කියලා දන්නවා.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!