දකුණ යළි කැළඹෙයි – සිසුන් 6 ක් රෝහල් ගත කරයි

දකුණ යළි කැළඹෙයි – සිසුන් 6 ක් රෝහල් ගත කරයි

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස කිහිපයකට අලාභ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.බෙලිඅත්ත ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක වහලක් මතට ගසක් කඩාවැටීමෙන් සිසුන් 6 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ එක් සිසුවෙකු තංගල්ල රෝහලට මාරුකර යැවීමට පියවර ගෙන තිබෙනවා.එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හමාගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 3 කට සුළු හානි සිදුව ඇති අතර, විදුලි රැහැන් පද්ධතියකට ගසක් කඩාවැටී ඇති බවටද තොරතුරු වාර්තාවුණා.

(Visited 140 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!