“දකුණ ආයෙත් ලෙයින් තෙත් වෙයි – අනුරාධපුරයේ සිට අා පුද්ගලයකුට හික්කඩුවෙදී වෙඩි තබයි”

“දකුණ ආයෙත් ලෙයින් තෙත් වෙයි – අනුරාධපුරයේ සිට අා පුද්ගලයකුට හික්කඩුවෙදී වෙඩි තබයි”

Spread the love
  •  
  •  
  •  
  •  

උදෑසන අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට අද දහවල් වෙඩි තබා ඇත. අනුරාධපුර දුටුවැව කටාරම්පුර පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු මෙසේ වෙඩි ප්‍රහාර යන්ට ලක්ව හික්කඩුව ආරච්චිකන්ද රෝහලටත් එතැනින් ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුලත් කර ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මි.මි.9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය පවසයි.සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර තුවාලකරු හදිසි ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!