“දක්ෂ තරුණයන්ට ඉස්සරහට එන්න ක්‍රමයක් සොයනවා…” – අගමැති

“දක්ෂ තරුණයන්ට ඉස්සරහට එන්න ක්‍රමයක් සොයනවා…” – අගමැති

Spread the love
  •  
  •  
  •  
  •  

දක්‌ෂ තරුණ පිරිසට දේශපාලන බලපෑම්වලින් තොරව ඉදිරියට යැමට ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අගමැතිවරයා එසේ පැවැසුවේ අරලියගහ මන්දිරයේදී ඉකුත් 06 වැනිදා පැවැති එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්‌වෙමිනි.
යෞවන කටයුතු ඇමැති නිරෝෂන් පෙරේරා, ජාතික සංවාද හා ඒකාබද්ධතා පිළිබඳ ඇමැති මනෝ ගනේෂන් යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌වූහ.
එහිදී අගමැතිවරයා මෙසේ ද කීවේය.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට විවිධ හැකියා දක්‌ෂතා තිබෙනවා. විවිධ උත්සව අවස්‌ථාවලදී මම එය දැක තිබෙනවා. වෙසක්‌. නත්තල් ඇතුළු විවිධ උත්සව අවස්‌ථාවන්වල තරුණ තරුණියන්ගේ හැකියා, දක්‌ෂතා මතු වෙනවා. මාධ්‍ය හරහාත් එම දක්‌ෂතා දැකගන්න පුළුවන්. ශ්‍රම ශක්‌ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති ගණනාවක්‌ සිදුකළ දක්‌ෂ තරුණ තරුණියන් අප දුටුවා. පසුගියදා පැවැති රියෑලිටි තරගාවලියේ අවසන් මහා තරගයේදීත් අප තරුණ තරුණියන්ගේ දක්‌ෂතා දුටුවා.
යොවුන් පාර්ලිමේන්තුව තුළ ජාතික පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි දක්‌ෂතා තිබෙන තරුණ තරුණියන් සිටිනවා. මෙම වැඩසටහන් තුළින් එම දක්‌ෂතාවන් පෙන්නුම් කරනවා. ඊයේ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මම කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වුණා. එහිදී විද්‍යා අංශයෙන් රෝබෝටික්‌ස්‌ නව නිර්මාණ ඉදිරිපත් කළ දක්‍ෂ තරුණ පිරිසක්‌ හමුවීමට හැකිවුණා. මෙවැනි විශාල තරුණ පිරිස්‌ ග්‍රාමීයව සිටිනවා. නමුත් මම කනගාටු වනවා මෙම කණ්‌ඩායම් ඉදිරියට ගෙන ඒමට යාන්ත්‍රණයක්‌ නොතිබීම පිළිබඳව.
දක්‌ෂ තරුණ පිරිසට දේශපාලන බලපෑම්වලින් තොරව තම දක්‌ෂතා ඉදිරියට ගෙන එන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට තරුණ සේවා සභාවටත්, රාජ්‍ය අමාත්‍යවරයාටත් මම විශේෂයෙන්ම දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම එඩින්බරෝ ආධිපාදවරයාගේ තිළිණ ප්‍රදානය මෙහි පැවැත්වීමට කටයුතු සැළසුම් කළා. මෙය ලොව පුරා ක්‍රියාත්මක කරන වැඩසටහනක්‌. මට මතකයි එවකට සිටි හමුදාපතිවරයකු වන ජනරාල් ඇන්ටන් මුතුකුමාරු මැතිතුමාටත් එම අවස්‌ථාව හිමිවී තිබෙනවා. විවිධ අභියෝගවලට මුහුණදීමට සහ ක්‍රියාකාරකම්වල නියෑළීමටත් මෙමගින් අවස්‌ථාව ලැබී තිබෙනවා. දුන්හිඳඇල්ල අද්දර මෙන්ම කැලණි ගඟ ආදී ස්‌ථානවල ළමයින්ට මෙන්ම අනෙක්‌ අයටද වයිට්‌ වෝටර් රාµaටින්, කඳු නැඟීම, ග්‍රාමීය සමාජ කටයුතු සිදුකිරීම, තමන්ගේ නායකත්වය මෙන්ම පසුබෑමට මුහුණදීම හා ජයග්‍රහණය කරා යැම ආදී සියල්ල මෙහි ඇතුළත් නිසා මෙම වැඩසටහන ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ තුළින් ග්‍රාමීය නායකයින්, ආයතන ප්‍රධානීන් සහ සමාජ නායකයින් බිහිවනවා. එම තරුණ නායකත්වය මේ රට ඉදිරියට ගෙන යැමට අත්‍යවශ්‍යයි. තරුණ නායකත්වයට අප ප්‍රමුඛත්වය ලබා දෙනවා. මෙම වැඩසටහන ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන ලෙස විශේෂයෙන් මම ඇමැතිතුමාටත් සභාපතිතුමාටත්, සඳහන් කළා. ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද ලබා දෙනවා. සමාජයේ දක්‌ෂතාවයට නිසි තැන හිමිවිය යුතුයි. ඒ සමඟම රටේ තරුණ කණ්‌ඩායම් සංවර්ධනයේ කොටස්‌කරුවන් කර ගැනීමට බලාපොරොත්තු වනවා. අද අප විශාල සංවර්ධනයක්‌ රට තුළට ගෙන එනවා. බලගතු ශ්‍රී ලංකාවක්‌ ඇති කිරීම පිළිබඳවද අද අප ආඩම්බර විය යුතුයි.
බස්‌නාහිර, රුහුණ සහ වයඹ ආදී මුළු රට පුරා සංවර්ධනය ව්‍යාප්ත කිරීම අපේ අරමුණයි. අපේ හැකියාව දැනුම, ජාතික ධනය, විදේශ ආයෝජනය, විදේශ තාක්‌ෂණය මේ සියල්ලම යොදා ගනිමින් අප ඉදිරියට යා යුතුයි. ඒ තුළින් අප අලුත් සමාජයක්‌ නිර්මාණය කළ යුතුයි. ඒ වගේම අලුත් රටක්‌ ගොඩනැඟිය යුතුයි. එම සංවර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාටම භුක්‌ති විඳීමට ඉඩකඩ සැලසිය යුතුයි.
විශේෂයෙන්ම මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා හා තරුණ සේවා සභාපතිවරයාට මා ස්‌තුතිවන්ත වනවා. මෙම වැඩසටහන ආරම්භ කළේ 1985 වර්ෂයේදීයි. නමුත් සමහර අයට ඒ බව අමතක වුණා. මෙය අප ආරම්භ කළේ ජාතික තරුණ සේවා අධිකාරිය ලෙසයි. අවසානයේ එය මුදල් නැති නිසා දිස්‌ත්‍රික්‌ 07 කට පමණක්‌ සීමා වී තිබුණා. ඒ නිසා රාජ්‍ය ඇමැතිතුමාට තරුණ සේවා සභාව සමඟ එක්‌ව මෙය වැඩිදියුණු කරන ලෙසට වගකීම භාර දුන්නා.
එඩින්බරෝ අධිපාදවරයාගේ මෙම වැඩසටහන අද වනවිට දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 16 ක්‌ පුරා ක්‍රිsයාත්මක වනවා. මෙය සෑම දිස්‌ත්‍රික්‌කයකම ක්‍රියාත්මක කරන ලෙස මම දැනුම් දුන්නා. ඒ වගේම ප්‍රාදේශීය මට්‌ටමින් ද එය ව්‍යාප්ත කළ යුතුයි. ඊට සහභාගි වී අභියෝගවලට මුහුණ දෙමින් තම හැකියාවන් ඉදිරිපත් කර ජයග්‍රහණ කිරීමට ඔබට හැකිවිය යුතුයි.
තරුණ සේවා සභාව මේ ආකාරයෙන් විශේෂ වැඩ කොටසක්‌ ඉටු කරමින් සිටිනවා. මාර්තු අවසානයේදී ත්‍රිකුණාමලයේදී යොවුන් පුරය වැඩසටහනද පැවැත්වෙනවා. එයින් තරුණ තරුණියන් රැසක්‌ ත්‍රිකුණාමලයට එක්‌රැස්‌ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පාසල් අතර රෝබෝටික්‌ස්‌ තරගාවලියක්‌ පවත්වන ලෙස ඊයේ මම අධ්‍යාපන අමාත්‍යවරයාට පැවසුවා. ඒ වගේම අද මම තවත් තරග කිහිපයක්‌ පිළිබඳව ඇමැතිවරයා සහ සභාපතිතුමාට සඳහන් කළා. එනම් සොµaට්‌ වෙයා සැලසුම් කිරීම, ජංගම දුරකථන ඡායාරූප තරග ඉසව් කිහිපයක්‌ පිළිබඳව අවධානය යොමු කරන ලෙස. මෙසේ තරුණ කණ්‌ඩායම්වල අලුත් හැකියාවන්ට අපි අවස්‌ථාව ලබා දිය යුතුයි.
අද දවසේදී සභභාගි වූ සියලු දෙනාටම මා ප්‍රශංසා කරනවා. ඒවාගේම ත්‍යාගලාභීන් හමුවීම පිළිබඳවත් මා සතුටු වනවා.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!