ත‍්‍රිකුණාමලයේ බුදුපිළිම වල සිරස කඩා කළුතෙල් වත්කරලා

ත‍්‍රිකුණාමලයේ බුදුපිළිම වල සිරස කඩා කළුතෙල් වත්කරලා

Spread the love
  •  
  •  
  •  
  •  

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (07) සහ අද (08) අළුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බව පොලිසිය පවසයි.
උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට එලෙස හානි කර ඇති බව වාර්තා වේ.
උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කළු තෙල් වත් කර ඇත.
ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදු කර ඇති අතර මොරවැව හන්දියේ බුදු පිළීමයේ සිරසට හානි කර පුල්මුඬේ 14 කණුව ශාන්ති විහාරයට නුදුරින් පිහිටි බුදු පිළිමය කඩා දමා ඇත්තේ දෙවන වරට බව වැඩි දුරටත් වාර්තා වේ.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!