තොරතුරැ දැන ගැනීමේ පනත එන්නත් කලින් කැනඩාවේ සංවිධානයකින් ශ්‍රේණිගත කරයි.

තොරතුරැ දැන ගැනීමේ පනත එන්නත් කලින් කැනඩාවේ සංවිධානයකින් ශ්‍රේණිගත කරයි.

Spread the love
  •  
  •  
  •  
  •  

තොරතුරැ දැනගැනීමේ පනත සම්මත වී මාස 06ක් ගතවුවද එය ක්‍රියාත්මක වීමට ආරම්භවූයේ පසුගිය 03 වනදා සිටයි. කෙසේ වෙතත් එය ක්‍රියාත්මක වීමට පෙර එම තොරතුරු දැන ගැනීමේ පනතට ලෝකයේ තුන්වන තැන හිමිව තිබේ. ඒ, කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමකට අනුවයි.

පනත සම්මත වූ පමණින් ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ අයිතිය තහවුරැ වන්නේද යන්න සොයා බැලිය යුත්තක් මෙන්ම එය ක්‍රියාත්මක භාවයේදී කෙතරම් දුරට ජනතාවගේ තොරතුරැ දැන ගැනීමේ අයිතිය ආරක්ෂාවී තිබේද යන්න සැලකිය යුත්තකි. කෙසේ වෙතත් වත්මන් තොරතුරැ දැනගැනීමේ පනත තුලින් ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ අයිතියට සීමා පනවා ඇතිබවට චෝදනා කෙරේ. කෙසේ වෙතත් මෙම වර්ගීකරණයට අනුව මෙක්සිකෝව සහ සර්බියාව යන රටවල් හි තොරතුරු දැන ගැනීමේ පනත් සඳහා පළමු සහ දෙවන ස්ථානය හිමිව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!