“තේවා හොඳයි පින්නවල අලිබෙටි සුද්ධ කරන්න “-ෆොනී(වීඩියෝ)

“තේවා හොඳයි පින්නවල අලිබෙටි සුද්ධ කරන්න “-ෆොනී(වීඩියෝ)

Spread the love
  • 14
  •  
  •  
  •  
    14
    Shares

ගරු නියෝජ්‍ය අැමති පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දිනකදී හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට සරත් ෆොන්සේකා මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා – පිස්සන් කොටු නෙමෙයිනේ. ලණුව කඩා ගත්ත හරකෙක් වගේ අරයට අනින්න මෙයාට අනින්න පටන් ගත්තොත් අපිට සිද්ධ වෙනවා හරක මෙල්ල කරන්න. පහුගිය කාලේ ඔය පුද්ගලයා MSD එකේ එයාට දීල තිබුණු වාහනයක් අරගෙන ඒකට සයිලර් හයිකරගෙන ඇමතිතුමා මට අවසර දුන්න කියලා ඒ වාහනේ අරගෙන පනිනවා. ඒ පැනපු අවස්ථාවක සිකුරුටියට වාහනේ ඕන වුණා. වාහනේ ආපහු ගෙන්න ගන්න ඕන වුණා. එයාට දීපු වාහනේ ගෙදර තියාගෙන බිරිද යනවා. ළමයි යනවා. එයාගේ ගෝල බාලයෝ රවුම් ගහනවා. එයින් වාහනයක් මේ ළගදී තිබ්බ උද්ඝෝෂණයට සෙනග අරන් එන්න ඇවිත් කුඩු පට්ටම් කරල තියෙනවා පානදුරේදී. විනය නැතුව හැසිරෙන්න බෑ. නියෝජ්‍ය ඇමැති කෙනෙක් කියන්නේ හැම දේම ඕන විදිහට කරන්න පුළුවන් තක්කඩියෙක් නෙමෙයිනේ.පින්නවලට ගියා අපි සාකච්චාවකට සාක්ච්ඡාවට එන්නැතිව සාකච්ඡාව ඉවරවෙනකන් අලියෙක් නෑව්වා එයා ගිහිල්ලා. ඇත්ගොව්වාගේ වැඩේ කළා එතන. තව සාකච්ඡාවක් තිබ්බා සාකච්ඡාව ඉවරවෙනකන් හිටියේ නෑ. එහා පැත්තේ තිබ්බා අයිස්ක්‍රීම් වෑන් එකක්. අයිස්ක්‍රීම් ඉවරවෙනකන් ළමයින්ට අයිස්ක්‍රීම් බෙදුවා. මගේ අමාත්‍යංශයේ පියෙන් කෙනෙක්වත් එහෙම හැසිරිලා නෑ යැයි සරත් ෆොන්සේකා පහතා පාලිත තෙවරප්පෙරුම ගැන කියා සිටියා.මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයන්ට වැඩිදුරටත් අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.අපි දැක්කා උතුරේ ළිං වලට බැහැලා වැඩ කරනවා ? එයාව ඉතිං කම්කරුවෙක් හැටියට බඳවා ගන්න. පින්නවල අලිබෙටි සුද්ද කරන්න කියාපු කෙනෙක්.හැබැයි එතුමට අගමැතිතුමා නි.ඇමතිකමක් ආපහු දීලනේ ? දයා ගමගේට දෙවි පිහිටයි. නිලධාරීන් ගැහුවේ නැත්නම් පුදුමයි.
ඔබතුමාට ඉදිරියේදී අමාත්‍ය ධූරයක් ලැබෙයිද ? ව්‍යවස්ථාවේ ඇමතිවරු පත්කරන විදිය කියලා තියනවා. මගේ නම යෝජනා කිරීම තමයි අගමැතිගේ උපදෙස් දිලා තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථාව කඩකිරීමක්. අපි අධිකරණයට ගිහිල්ලා ඒක බේරගන්නවා.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!