“තෙවරප්පෙරුමගේ මැර ක්‍රියාවට එරෙහිව සාධාරණය ඉටු කරන්න” – විදුහල්පතිවරු දැඩි විරෝධතාවක

“තෙවරප්පෙරුමගේ මැර ක්‍රියාවට එරෙහිව සාධාරණය ඉටු කරන්න” – විදුහල්පතිවරු දැඩි විරෝධතාවක

Spread the love
  •  
  •  
  •  
  •  

මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සේවා සංගමය අද උදෑසන විරෝධතාවක නිරත වූ අතර ඒ සඳහා මතුගම කලාපයේ සියළුම විදුහල්පතිවරුද එක්ව සිටියා.
පසුගියදා මීගහතැන්න ප්‍රාථමික විදුහලට නියෝජ්‍ය ඇමතිවරයා කඩාවැදී විදුහල්පතිවරයාට අමානුෂික ලෙස පහර දී ඇති බව එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මීට පෙරත් විරෝධතාවයක් දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ බවත් සිද්ධිය සම්බන්ධයෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවුනහොත් විරෝධය මීට වඩා ප්‍රබල විය හැකි බවත් ඔහු පැවසුවා.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!