තෙවරප්පෙරුමගේ පහරදීම හෙළා දකිමින් පාසැල ඉදිරිපිට උද්ඝෝෂණ

තෙවරප්පෙරුමගේ පහරදීම හෙළා දකිමින් පාසැල ඉදිරිපිට උද්ඝෝෂණ

Spread the love
  •  
  •  
  •  
  •  

පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මතුගම අධ්‍යාපන කලාපයට අයත් මීගස්තැන්න මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදුන් බවට චෝදනා කරමින් සහ එය හෙළා දකිමින් ලංකා ගුරු සංගමය විසින් එම විද්‍යාලය ඉදිරිපිට දී අද දින උද්ඝෝෂණයක නිරතවීමට නියමිතය.
මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ අද උදෑසන 10.30ට මීගස්තැන්න විද්‍යාලය ඉදිරිපිට දී විද්‍යාලයේ ගුරුවරුන් සහ දෙමව්පියන් සමඟ මෙම උද්ඝෝෂණයේ නිරත වන බවයි.
අද දින ලංකා ගුරු සංගමය විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පහරදීම හෙළා දකිමින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙය් දී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව ද මෙම උද්ඝෝෂණය හේතුවෙන් අවලංගු කර ඇත.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!