
තීරණාත්මක සමළුවට තව පැයයි- මහින්දගෙන් ගෝඨා ගැන සහතිකයක්
ගෝඨාභය රාජපක්ෂ මහතා නිහඞ ක්‍රියාකාරී පුද්ගලයෙකු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය ප්‍රචාරයන් ගෙනගිය ද ඔහු නරක පුද්ගලයෙකු නොවන බවයි.ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා ද යන්න පිළිබදව මෙහිදි ඉන්දීය මාධ්‍යවේදීයා විමසා ඇති අතර ඊට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා සිතන පරිදි එය ජනතාව තීරණය කර ඇති බවයි.
(Visited 28 times)