තීරණාත්මක ජනපති වරණයට ඉතිහාසගත වන දෙයක් එකතු වෙයි

තීරණාත්මක ජනපති වරණයට ඉතිහාසගත වන දෙයක් එකතු වෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ජනාධිපති මැතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් සහභාගීවන ජනාධිපතිවරණය  එළඹෙන නොවැම්බර් 16 වෙනිදා පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙවර ජන්ද පත්‍රිකාව සම්බන්ධයෙන්ද බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමමින් මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා ඊයේ (07) ප්‍රකාශ කළේ මෙවර ජනාධිපතිවරණය සදහා වන ජන්ද පත්‍රිකාව අගල් 27ක් හෝ 28ක් (ආසන්න වශයෙන් අඩි 2.3) දිගින් යුක්තවනු ඇති බවයි. එසේම එය 2015 වර්ෂයේ ජන්ද පත්‍රිකාවට සාපේක්ෂව දෙගුණයක දිගින් යුක්ත වනු ඇතී බවද ඔහු සඳහන් කළා.මේ අතර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් පිළිබදව නිල නිවේදනයක් කිරීමෙන් අනතුරව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඇමතූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් මැතිවරණයට දරන වියදම රුපියල් කෝටි 400 සිට 500 දක්වා වැඩි වීමට නියමිත බවයි.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!