තිහාරියේ හදිසි මෙහෙයුමක්- එජාප මන්ත්‍රීවරයෙකු ඇතුළු 26ක් කොටුකරගනී

තිහාරියේ හදිසි මෙහෙයුමක්- එජාප මන්ත්‍රීවරයෙකු ඇතුළු 26ක් කොටුකරගනී

Spread the love
  • 950
  •  
  •  
  •  
    950
    Shares

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. ඊයේ (23දා) යුද හමුදාව, යුද හමුදා කොමාන්ඩෝ බළකාය සහ පොලිසිය එක්ව සිදුකළ මෙම මෙහෙයුමට 500ක පමණ නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.පොලිස් නිල සුනඛ අංශයේද සහයෝගය මෙම මෙහෙයුම සඳහා ලබාදී තිබූ අතර මෙහිදී මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට පත් වූ 26දෙනා  වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා නිට්ටඹුව පොලිසියට භාරදී ඇත. අත්අඩංගුවට පත් වූ 26 අතර සිටින මන්ත්‍රිවරයා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයකු බව ජේ‍යෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.

(Visited 3,063 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!