තිහගොඩ දරුවාට මරු කැන්ඳු තිදෙනෙක් අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

තිහගොඩ – කපුදූව ක්‍රීඩාංගනයේ ඊයේ (30) පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ගැටුමකට මැදිවී 12 හැවිරිදි දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්  අත්අඩංගුවටගත් තරුණයන් තිදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාතර රෝහලේදී සිදුකිරීමෙන් පසුව, දරුවාගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

දරුවා  මාතර – කපුදූව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

සංගීත සංදර්ශනයේ  ගැටුමෙන්  20 හැවිරිදි තරුණයෙකු ද  තුවාල ලබා මාතර මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!