තිලංග විසිවෙයි..ක‍්‍රිකට් මහ ඔටුන්න අර්ජුනට හිමිවෙයි….?

තිලංග විසිවෙයි..ක‍්‍රිකට් මහ ඔටුන්න අර්ජුනට හිමිවෙයි….?

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීමේ නිලවරණය ලබන මැයි මස 19 වැනිදා පැවැත් වීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන නාමයෝජනා භාර ගැනීම ආරම්භ කර තිබේ. පසුගිය 08 වැනිදා නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම පිළිබඳ දැනුවත් කරමින් ක්‍රිකට් ආයතනයේ සියලු සාමාජික සංගම් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.මේ වන විට තිලංග සුමතිපාල පාර්ශ්වය නිලවරණය සඳහා සූදානම් වන පසුබිමක ඔහුට ප්‍රතිවාදීන් ලෙස කිහිපදෙනෙක් සභාපති ධුරය සඳහා තරග කිරීමේ සූදානමක් පවතින බවට හෙළිවේ. මෙම පිරිස ක්‍රිකට් වංචා, දූෂණවලට එරෙහිවන්නාවූ පුළුල් ව්‍යාපාරයක් යටතේ ඒකරාශී වී ඇති බවත්, ඊට හිටපු ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනෙක්, හිටපු උපසභාපතිවරුන් තිදෙනෙක් සහ හිටපු ලේකම්වරයෙක්ද සම්බන්ධ බවත් අනාවරණය වේ. මීට අමතරව තිලංග සුමතිපාල පාර්ශ්වය පරාජයට පත්කිරීමට ඔවුන්ට සම්බන්ධ ක්‍රීඩා සමාජ රාශියක් සහාය දක්වන බවටද වාර්තා වේ.ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුර සඳහා අර්ජුන රණතුංග මහතා පත්කිරීමට රජයේ ඉහළම බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අර්ජුන රණතුංග මහතාව පුළුල් සන්ධානයකින් ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවීමට මෙහිදී අවධානය යොමුව තිබේ.වත්මන් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාද නැවතවරක් ක්‍රිකට් සභාපති ධුරයට තරග කිරීමට නියමිතව තිබේ. පසුගිය නිලවරණයේදී අර්ජුන රණතුංග මහතා උපසභාපති තනතුරට තරග කළ අතර එහිදී ඔහු පරාජයට පත්ව ඇත.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (19දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදි අලුත් අවුරුද්ද වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර එයට අර්ජුණ රණතුංග මහතාද එක්ව සිටියේය.මෙහිදීද මේ සම්බන්ධයෙන් නොනිල මට්ටමින් සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

(Visited 106 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!