තායිලන්තයේදී ඇල්ලු “කුඩු වසන්ත” ලංකාවට ගෙනෙයි

තායිලන්තයේදී ඇල්ලු “කුඩු වසන්ත” ලංකාවට ගෙනෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

තායිලන්තයේ බැංකොක්‌ නගරයේ දී අත්අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු සේල් වසන්ත හෙවත් වසන්ත මෙන්ඩිස්‌ විශේෂ ආරක්‌ෂාවක්‌ යටතේ අද (26 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
ජාත්‍යන්තර පොලිසිය සහ තායිලන්ත පොලිසිය මගින් බැංකොක්‌ නගරයේදී අත්අඩංගුවට ගත් සේල් වසන්ත නමැති හෙරොයින් ජාවාරම්කරු දින 4 ක්‌ තිස්‌සේ එහි රඳවාගෙන ප්‍රශ්න කිරීම් කර ඇත.
මෙම හෙරොයින් ජාවාරම්කරු තමන් වෙත භාරදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය තායිලන්ත පොලිසියෙන් ඉල්ලීමක්‌ කර තිබිණි. මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සේල් වසන්ත නමැත්තා දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වෙමින් අතිවිශාල ධනස්‌කන්ධයක්‌ උපයාගෙන ඇත.
දකුණු පළාත කේන්ද්‍රකරගෙන හෙරොයින් ජාවාරම ව්‍යාප්ත කරගෙන සිටි සෙල් වසන්ත මීට වසර කීපයකට උඩදී තායිලන්තයට පලා ගියේය. පසුව ඔහු තායිලන්තයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවූ අතර ඔහුගේ ගෝලබාලයෝ රැසක්‌ ශ්‍රී ලංකාවේ සිට මෙම ජාවාරම කරගෙන ගියහ.
මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මීට පෙර ජාත්‍යන්තර රතු නිවේදනයක්‌ද නිකුත් කර තිබුණේය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මෙම හෙරොයින් ජාවාරම්කරු සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වීමට නියමිතය.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!