“තාත්තා වගේම ජනතාව බදාගෙන මමත් මැරෙනවා…” – සජිත් (VIDEO)

“තාත්තා වගේම ජනතාව බදාගෙන මමත් මැරෙනවා…” – සජිත් (VIDEO)

Spread the love
  • 48
  •  
  •  
  •  
    48
    Shares

මන්දිර ජීවිත තාමා විසින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද(23) පස්වරුවේ මාතර පැවැති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදසහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
“කිසිඳු කෙනෙක් කිසිඳු සැකයක් හිතේ තියාගන්න එපා මෙවර ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා ස්ථිරයි කියන එක මේ අවස්ථාවෙදී ප්‍රකාශ කරන්න ඕනේ.
වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන. ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩ සටහන අපි දියත් කරනවා කියන එක මේ අවස්ථාවේදී අපි ඔබලාට ප්‍රකාශක කරනවා.
එළඹෙන නොවැම්බර් දෙසැම්බර් මාසයේ ඔබ සියලු දනොම සැරසෙන්න ප්‍රථමවාතාවට. මෑත ඉතිහාසයේ හොඳ නිර්භීත ගමනක් තිබෙන අපේම මාතෘ භුමියක අපි නිර්මාණය කරමු.
මම අද රටේ ජනතාවට කියනවා සජිත් ප්‍රේමදාස මන්දිර ජීවිත සහමුලිම්ම ප්‍රතික්ෂේප කරනවා. තමුන්වහන්සේලාට මන්දිරවල මාව දකින්ට ලැබෙන්නේ නෑ. තමුන්වහන්සේලාට මාව දකින් ලැබෙනවා මේ රටේ කුඩා ගම්මානවල.“
එමෙන්ම පියා මෙන්ම තමාද මරණය ලබා ගන්නෙත් පොදු ජනතාව සමඟ අත්වැල් බැඳගෙන බව මාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනිම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැළිය අද පස්වරුවේ පැවැත්වුනේ මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනයේදීයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සංවිධාන කළ ජන රැළියට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා,පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම එම පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ද කිහිපදෙනෙකුද එක්ව සිටියේය.
කෙසේවෙතත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය සාගල රත්නායක මහතා ජන රැළියට සහභාගි වී සිටියේ නොමැත.
පස්වරු 5.15 ට පමණ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජන රැළියට එක්වූ අතර එහිදි එහි සිටි පාක්ෂිකයින්ගෙන් ඔහුට හිමිවුනේ උණුසුම් පිළිගැනිමකි.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!