තාජුඩින් ඝාතනය ගැන තවත් ප්‍රබල සාක්‍ෂියක් මතුවෙයි..?

තාජුඩින් ඝාතනය ගැන තවත් ප්‍රබල සාක්‍ෂියක් මතුවෙයි..?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන අයට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව නීතිපතිවරයා අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය නියෝජනය කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා මේ බව දැනුම් දුන්නේය.නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම ඝාතනයට අදාළව සියුම් අංශ කීපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.මෙම ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන හතරක් පිළිබඳව හා ඒවායේ ගමන් බිමන් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ යුධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් කීහිප දෙනෙකුගේ ගමන් බිමන් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව කී  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳ රාජකාරි වාර්තා සොයා ගැනීමට නොහැකිවී ඇතැයිද අධිකරණට දුන්නේය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!