ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් වෛද්‍යවරයා කොටුකරගනී..!

ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් වෛද්‍යවරයා කොටුකරගනී..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකුඅත්අඩංගුවට ගෙන  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. මෙකී වෛද්‍යවරයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට යුද හමුදාවට ලද තොරතුරක් මත  යුද හමුදාව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාරදී  තිබේ.
 යාපනය සහ  චාවකච්චේරි ප්‍රදේශවල පදිංචි මෙම වෛද්‍යවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ යාපනය ඒකකය වෙත බාර දී තිබෙන අතර ඔහු මේ වනවිට යාපනය මූලස්ථාන පොලිසියේ රදවාගනිමින් වැඩිදුර විමර්ශනය සිදුකරන බවද පොලිස් අධිකාරිවරයා සදහන් කළේය‍.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!