තහනම ගණන් නොගෙන බිලි පුජාවට එළුවන් මරලා

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් පාලන ආයතනයකින් ලබා ගන්නා අවසරයකින් තොරව සත්ත්ව බිලි පූජා පැවැත්වීම තහනම් කර ඇතත් හලාවත උඩප්පුව ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ ඊයේ පැවති වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් එළුවන් ඝාතනය කර ඇතැයි  තොරතුරක් ලැබුණා.

 

ඊට සහභාගි වු බැතිමතුන් කියා සිටියේ ඝාතනය කළ එළුවන්ගේ මාංශ ව්‍යාංජනයක් ලෙස පිස දිවා ආහාරය සමග තමන්ට පිළිගැන්වු බවයි. විවිධ බාරහාර ඔප්පු කිරීම සඳහා ඇතැම් බැතිමතුන් මෙම දේවාලය වෙත එළුවන් භාරදී තිබුණා.

 

කෙසේවෙතත් ඔවුන් ඝාතනය කර ඇත්තේ දේවාල පරිශ‍්‍රයේ නොව ඊට පිටස්තර ස්ථානයක බවයි  පසුව කළ සොයා බැලීමක දී හෙලිවුණේ. කෙසේවෙතත් මීට අදාලව මේ දක්වා පැමිණිල්ලක් ලැබී නැතැයි මුන්දලම පොලිසිය කියා සිටියා.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!