තවත් වෛද්‍ය සිසුවියක් අමානුෂික ලෙස ඝාතනය කරයි..

තවත් වෛද්‍ය සිසුවියක් අමානුෂික ලෙස ඝාතනය කරයි..

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
පොලීසිය පැවසූවේ බදනාගොඩ ජනපදය, බේරුවල පදිංචි හපුහෙට්ටිගේ දොන් රෝෂනි කාංචනා නමැති 29 හැවිරිදි සිසුවියක් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කළ, කන්දේගම,බේරුවල ප්‍රදේශයේ ස්ථිර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(Visited 239 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!