තවත් කාන්තාවක් දුෂණය කර ගෙල මිරිකා මරා දමලා

Spread the love
  •  
  •  
  •  
  •  

පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේ පාළු නිවසක තිබී පසුගියදා හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය එය ඝාතනයක් බව අනාවරණ කරගෙන තිබෙනවා. පසුගිය 24 වනදා මෙම මළ සිරුර ඇය ජීවත් වූ නිවසට මීටර් 100 ක් පමණ දුරින් වූ පාළු නිවසක තිබී සොයා ගැණුනා. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය රෝහලේදී ඊයේ (26) සිදුකර තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව දූෂණය කර ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි.

වයස අවුරුදු 70 ක් පමණ වන තම ස්වාමි පුරුෂයා සමඟ 49 හැවිරිදි මෙම කාන්තාව ගරා වැටී අතහැර දමන ලද නිවසක වාසය කර තිබෙනවා. යාචක යුවලක් වන මොවුන් අතුරින් මෙම කාන්තාව පසුගිය 23 වනදා රාත්‍රියේ නිවසින් අතුරුදන්ව සිටි අතර පසුදා උදෑසන ඇගේ මළ සිරුර සොයා ගැණුනා. මෙම කාන්තාව දූෂණය කර ඝාතනය කළ පුද්ගලයා පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!