තවත් අලියෙක් ජනපතිට කිට්ටු වේ

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි මහතා අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කළා. පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ එ් මහතා ජනාධිපතිවරයා මුණගැසී එ් බව ප‍්‍රකාශ කළ බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරණ මෙහෙයුම් කාර්යාලය පවසන්නේ.
තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ බවද, එහෙත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූ බවද ජානක තිස්සකුට්ටිආරච්චි මහතා එහිදී කියා සිටියා. විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සඳහා සහාය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය කි‍්‍රයා කර ඇත්තේ ඇතැමුන්ගේ කුමන්ත‍්‍රණවලට හසුවීමෙන් බවයි එ් මහතා වැඩිදුරටත් පැවසුවේ. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළේ එ් නිසා බවද ඔහු කියා සිටියා. [sexypoll id=”9″]

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!