“තර්ඩ් ක්ලාස් දේශපාලනයෙන් හමුදාවට කරදරයි.” රණ විරුවා නොබියව කියයි.

“තර්ඩ් ක්ලාස් දේශපාලනයෙන් හමුදාවට කරදරයි.” රණ විරුවා නොබියව කියයි.

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාව මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඊයේ දිනයේදී විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැදවා තිබිණි.
පැය ගණනක් තිස්සේ කල ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව මාධ්‍යවේදීන් ඔහු හමුව ප්‍රශ්න කල අවස්ථාවේදී ඔහු තම අදහස් දැක්වුයේ දැඩි කලකිරීමකින් යුතුවය.
එහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු කීවේ මෙරට දැනට ක‍්‍රියාත්මක වන තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස බොහෝ හිරිහැර කරදර වලට මුහුණ පාන්නට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයක් බවයි.
හමුදා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට FCID හමුවට ගෙන්වීම ජනපති වරයා විසින් විවේචනය කර තිබෙනවා නේදැයි එහිදී එක් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජෙනරාල් වරයා කීවේ “එතුමා හෙට අනිද්දා පත්තරෙන් මේක දකියි” යනුවෙනි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!