තම ලැම ප්‍රදේශය “කුඩු ගබඩාවක්” කරගත් ගම්පොළ “කුඩු රේණු” අල්ලයි

තම ලැම ප්‍රදේශය “කුඩු ගබඩාවක්” කරගත් ගම්පොළ “කුඩු රේණු” අල්ලයි

Spread the love
  • 23
  •  
  •  
  •  
    23
    Shares

ගම්‍පොළ ප්‍රදේශයට හෙරොයින් බෙදාහරිනු ලැබූ ප්‍රධාන ජාවාරම්කාරිය වන ‘කුඩු රේණු’ නමැති කාන්තාව ගම්‍පොළ ‍පොලිසිය පෙරේදා (04) අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සිය ළැම තුළ සඟවාගෙන සිටි මත්කුඩු ග්‍රෑම් 700ක්ද ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්‍පොළ නගරයේ මත්කුඩු භාවිතය හා අලෙවිය ඉහළ යාමත් සමග එය මැඬලීමට ගම්‍පොළ කොට්ඨාස භාර නව ‍පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා එය තමන් භාරයට ගෙන විශාල මෙහෙයුමක් අරඹා තිබේ. එම මෙහෙයුමේදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ගම්‍පොළ ප්‍රදේශය තුළ ඉහළ ගොස් ඇති සොරකම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන් ඒ සඳහා මුදල් සොයාගැනීමට මෙම සොරකම් සිදුකරන බවයි.
අත්අඩංගුවට ගෙන ඇති මෙවැනි අපරාධකරුවන්ගෙන් ලද තොරතුරුවලින් අනාවරණය වී ඇත්තේ ගම්‍පොළ නගරයෙන් හෙරොයින් මිලදී ගන්නා බවයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගත් නව ‍පොලිස් අධිකාරීවරයා ගම්‍පොළින් මෙම උවදුර මැඬලීමට කටයුතු අරඹා තිබේ.
ඒ අනුව 20 දෙනකුගෙන් යුත් ‍පොලිස් කණ්ඩායම් දෙකක්ද යොදා තිබේ.
කුඩු රේණු නමැති කාන්තාව සමගම ඇත්ගාල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියල්ල ඊයේ (05) ගම්‍පොළ මහෙස්තෘත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.
ගම්‍පොළ කුඩු නැතිකිරීම අඛණ්ඩව සිදුකරන මෙම මෙහෙයුම සඳහා මහජන සහාය ඉල්ලා සිටින කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා ඒ සඳහා 0718591070 හෝ 0714308288 යන දුරකථන අංකවලට තොරතුරු ලබාදෙන ලෙසත් තොරතුරු ලබාදෙන්නන් ආරක්ෂා කරන බවත් සඳහන් කරයි.

(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!