තම බිරිඳ රුපියල් 2000 විකුණා දමයි

තම බිරිඳ රුපියල් 2000 විකුණා දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

සිය සැමියා තම බිරිඳ වෙනත් අයකුට රුපියල් 2000කට විකිණූ බව කියන කාන්තාව ඔහු සමඟ ගිය ද තවත් අයකු සමඟින් පලාගියේ යැයි එම ඉරණමට ලක්වූ දෙදරු මවක පොල්පිතිගම පොලිසියට පැමිණිලි කර තිබේ. මොරගොල්ලාගම ප‍්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ පළමු විවාහය අසාර්ථක වී තිබේ.

ඉන්පසුව බාලවයස්කාර දියණියක සමඟින් එම ප‍්‍රදේශයේ විවාහය අසාර්ථක පුද්ගලයකු සමඟ යළි විවාහ වී ඇත. එම විවාහයෙන් යළි දියණියක් ලැබූ පසුවද නිතර මොවුන් දෙදෙනා අතර රණ්ඩුසරුවල් ඇතිව තිබේ.
මේ හේතුවෙන් එම පුරුෂයා තම බිරිඳ මීගලෑවේ හිතවතුකට රුපියල් 2000කට විකුණා ඇත.
දරුවන් නොමැතිව මෙම කාන්තාවගේ කැමැත්ත ඇතිව මෙලෙස ඇය විකුණා ඇති අතර මීගලෑව ප‍්‍රදේශයේ නිවසක අලූත් හිතවතා සමඟ කල් ගෙවූ ඇය ඔහුද අතහැර තළාකොලවැව පදිංචිකරුවකු සමඟ යුගදිවි ඇරඹීමට යන අතරතුර සිය ආරක්ෂාව තකා පැමිණිල්ලක් කළ බව ඇය පොලිසියට පවසා තිබේ.
ඇයගේ පැමිණිල්ලට අනුව ඇය විකිණූ සැමියා ද ඇය මුදලට ගත් පුද්ගලයා ද පොලිසියට කැ`දවා පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!