කොච්චර ගැබ් ගත්තත් බඩට ගසා ගෙන දරු ගැබ් විනාශ කර ගන්නා ජයන්ති

Spread the love
  •  
  •  
  •  
  •  

මෙය අමුතුම කතාවකි. ජිවත් වන මිනිසුන් සමග කටයුතු කිරීම යම් ආකාරයෙන් පහසු වුවද මෙය එක්තරා විදිහක අමනුෂ්යව සමග ගනුදෙනු කිරීමේ කතාවකි. පියවි ඇසට නොපෙනෙන ලෝකය සමඟ ගනුදෙනු කරන්නට යන්නෝ ප්ර‍වේශමෙන් කටයුතු නොකොළොත් කොයි මොහොතේ අමාරුවේ වැටෙනවාදැයි කිව නොහැකිය. හසරක් නොමැතිව දේවාල පස්සේ දුවන අයද ඇඳුරන් කෙරෙහි සියයට සියයක් විශ්වාසය තබා කටයුතු කරන අය මෙන්ම එවන් ඇඳුරෝද ප්රසවේශමෙන් කටයුතු කළ යුතු වේ.
ජයන්ති පස්යාල ප්ර්දේශයේ පදිංචි විසිඅට හැවිරිදි රූමත් තරුණ බිරියකි. ඇගේ සැමියා ව්යාරපාරික්යෙකි. මෙයින් අවුරුදු දෙකකට පෙර දක්ෂ යැයි කියන සුප්රිසිද්ධ ඇඳුරෙකු ගෙන්වා ඔවුන්ගේ නිවෙසට ශාන්ති කර්මයක් සිදුකලේ ය. එහෙත් නිවෙසේ තිබු අපල උපද්රූව එදා සිට වෙනදාටත් වඩා වැඩි විය. අල්මාරියේ ඇති ඇඳුම් කෑලි කෑලි බවට පත්කොට තිබිණ. කෙනෙකු ඇවිදින අඩි සද්දය නිවෙස තුලින් ඇසෙන්නට පටන් ගැණුනි. රාත්රීව හීනෙන් බියට පත්වන ජයන්ති හූ කියාගෙන අවදි වන්නේය. පසුගිය අවුරුදු තුන තුළ ඇය තුන්වරක් ගැබ් ගෙන ඇතත් ඇය විසින්ම අසිහියෙන් බඩට පහරදීම හේතුවෙන් දරු ගැබ විනාශ වී ගියහ. නිවෙසේ අය ආහාර ගනිමින් සිටියදී බත් පිඟානට වැලි ගසන්නේය. වහලයට ගල් වදින හඬ ඇසෙන්නේය. නිවෙසේ බඩු පෙරලා පොළොවේ ගසා බිඳ දමන්නේය. “මේ දරුවා මගෙන් තොපට දෙන්න බෑ .. මම අරගෙන යනවා” යි කියමින් පිහියක් ගෙන ජයන්ති බඩ කපා ගැනීමට තැත් කරන්නීය. මේ නිසා ජයන්ති ළග නිතරම ඇගේ අම්මා හෝ අක්කා කෙනෙකු රැකවෙලෙහි සිටින තත්ත්වයක් උදා විය. මේ තත්ත්වයෙන් මිදෙන්නට තොවිල් ගණනාවක් සිදු කලත් කිසිදු ශාන්තියක් නොවිය. තොවිල් වලින් පසු සති දෙක තුනක් සුවපත්ව සිටියත් එයින් පසු තත්ත්වය වඩාත් දරුණු විය.
ඔවුන් මෙසේ අසරණව කරකියා ගන්නට දෙයක් නැතිව සිටින විට ඔවුන්ගේ ඥාතියෙක් මෙම “භූතාත්මය” ගැන යම් ආකාරයෙන් තොරතුරු සොයාගෙන ගුප්ත මධ්යිස්ථානයක් වෙත පවුලේ උදවිය යොමු කළේය. ඒ අනුව ජයන්ති සමඟ ඇගේ සැමියාත් මවත් එහි පැමිණ අධ්යා ත්මික උපදේශක වරයෙක් මුණ ගැසී තත්ත්වය පැහැදිලි කළහ.
මිට අවුරුදු දෙකකට පෙර අපල උපද්රමව සඳහා සෙත් ශාන්තියක් සිදුකළ තොවිලයේ ඇඳුරා ජයන්තිගේ රූමත් බවට වහා වැටි ඇගේ දුරකථන අංකය ඉල්ලාගෙන ගොස් ඇති බවත්, විවාහක සිව්දරු පියකු වන මේ ඇඳුරා දුරකතනයෙන් ඇයට කතාකොට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්නට යෝජනා කොට ඇති බවත්, එයට අකමැති වූ ඇය එ ඒ බව සැමියාට පවසා ඇඳුරාට බැන වැදී ඇති බවත් අනාවරණය විය. එදා සිට මේ කරදරකාරී තත්ත්වය උදාවී ඇති බැවින් එයින් මිඳීම සඳහා ප්රටතිකාර ලබාගැනීමට පැමිණි බවත් ඇගේ සැමියා උපදේශකවරයාට පැවසිය. එදින ජයන්ති වෙත ශක්ති කිරණ එල්ල කරනවිට ඇය වෙව්ලන්නට වුවාය. වියරුවෙන් මෙන් සිනාසී හූ කියන්නට වුවාය. ඇගේ තත්ත්වය දරුණු විගෙන එන විට භූතාත්මය නිහඩ කොට ඔවුන්ට බෝධි පුජා පවත්වා නැවත එන ලෙස උපදේශකවරයා උපදෙස් දුන්නේය.
සතියක් බෝධි පුජා පවත්වා නැවත පැමිණි දිනයේ ද ජයන්ති ආවේශ විය. එදිනද ඇය ඉතා දරුණු ලෙස හැසිරෙන්නට වූ විට තවත් දවස් හතක් බෝධි පුජා පවත්වා එන්නැයි පවසා ඊට විශේෂ පිළිවෙත් කිහිපයක්ද ඔහු නියම කළේය.
එසේ බෝධි පුජා පැවති සතිය තුළ නිවෙසේ අයත්, ව්යාසපාරයේ සේවකයිනුත් රාත්‍රියේ නින්දට ගිය පසු සුදු වතක් ඇඳි කතක් හිසකෙස් කඩා විසුරුවාගෙන දත් විලිස්සාගෙන සිටින ආකාරය තමාට සිහිනෙන් පෙනෙන්නට වූ බව තුන් වැනි දිනයේ පැමිණ ජයන්ති උපදේශකවරයාට පවසා සිටියාය.
එදිනද ශක්ති කිරණ අල්ලනවිට ජයන්ති ආවේශ වී කෑ ගසාගෙන දරුණුවට හැසිරෙනවිට, ජයන්තිව පාලනය කිරීමට වේවැල් පහර කිහිපයක් ගැසීමටද ඔහුට සිදු විය. පසුව ඔහු මෙසේ ප්රයශ්න කළේය.
“කවුද මේ හිරිහැර කරදර කරන්නේ…?”
“මම රුපිකා….”
“කවුද රූපිකා කියන්නේ ….?”
“මම ඇඹිලිපිටියේ …”
“මොනවා වෙලාද මැරුණේ ….?”
“වාහනයක හැපිලා ….”
“කොයි කාලේද …?.”
“දැනට අවුරුදු පහකට විතර කලින්……”
“මොකක්ද මේ ජයන්තිට තියන සම්බන්ධය….?
“මම මලාට පස්සේ අපේ ගෙදර අය තොවිලයක් කළා. ඒ කට්ටඩියා මාව අල්ලාගෙන බෝතලයකට දාගෙන ගියා.මාව බෝතලයෙන් නිදහස් කරලා මට එක එක වැඩ පවරනවා. මෙයා ළඟට එව්වෙත් වැඩක් පවරලා….”
“මොකක්ද පවරපු වැඩේ…..?”
“මේකිව එයා ළඟට අරගෙන එන්න කිව්වා…”
“ඉතින් මොකද ගෙනියන්න බැරි වුණේ…..?”
“කිහිපවතාවක්ම ගෙනියන්න හැදුවා. මේ ගෙදර අය මේකිව අල්ලලා බැඳලා. පොඩි පොඩි ගුරුකම්වලින් නතර කළා. ඒත් මම කවදහරි මේකිව අරගෙන ගිහින් දෙනවා. එතකම් මම මේකිගේ මිනිහත් එක්ක නිදා ගන්නවා…..” උපදේශකවරයා නැවතත් භුතාත්මයෙන් ප්රලශ්ණ කළේය.
“තමුන්ට ඔය විදියට හැසිරෙන්න මම ඉඩ දෙන්නේ නැහැ…”
“ඒ කොහොමද මට පවරපු වැඩේ මම කරනවා. මේ වෙනකොට මම මිනි දෙක තුනකුත් මරලා තියෙනවා. මේකිටත් තුන් සැරයක් ළමයි ලැබෙන්න හිටියා. ඒවා සිද්ධ වුනේ මම මේකිගේ ඇඟේ ඉඳගෙන මුත් එක්ක නිදාගන්නවා. ඒ ළමයි මගේ. මගේ යක් පැටියව මට ඕනා කියලා මම රණ්ඩු කළා. මේකිගේ අත් දෙකෙන් බඩට ගස්සෙවවා. සමහර වේලාවට මේ මිනිහා මේකිත් එක්ක රණ්ඩු කරනවා. ඒ වේලාවට මේකිට ඒ කට්ටඩියා හොයාගෙන යන්න හිතෙනවා. ඒත් මේකිට ගෙදර අය යන්න දෙන්නේ නැහැ. ඒත් මේකි දැන් දුර්වලයි……”
“ඒ දුර්වල මොකද…?”
“මම මේකිට කන්න දෙන්නේ නැහැ. කෑම පිඟානට වැලි දමනවා. කෑම අප්‍රිය කරනවා. ඉතින් නොකා ඉන්නකොට ඇඟ දුර්වලයි…..”
“තමුන් පෙරේතියක් නේද….?
“නෑ මළ යක්ෂණියක්…..”
“කෙනෙක් මිනිසත් භවයේ උපදින්නේ තමන් පෙර කරන ලද මහත් කුසල නිසයි. ඒ වගේම අකුසල විපාක මතු වුණාම කරදර වලට ලක්වෙනවා. ඔබේත් පෙර අකුසල විපාකයක් නිසා වාහනයක හැපිලා මැරුණා. දැන් ඇඳුරෙකුට අහුවෙලා තවත් පව් කරගන්නවා.ඔබ ඔබට කිසි වරදක් නොකළ කිහිපදෙනක් මැරුවා යි කිව්වා. බලන්න කොයි තරම් බරපතල පාප කර්මද …………? ඒ වගේම ඇඳුරොත් මහා පාප කර්ම සිදු කරනවා. තමන්ගේ වේලාව හොද කළ හොදයි. වේලාව නරක් වූ හැටියේ ඇඳුරන්ට විපාක දෙනවා. බුදු දහම කියන්නේ මේ ලෝකයේ පවතින පරම පවිත්රො ධර්මතාවය. බුදු දහම බොරු කරන්න බැහැ. නරක වැඩ කරන ඇඳුරන් වේලාව නරක් වූ හැටියේ අමනුෂ්යායෝම ඇවිත් ඔවුන් මරලා දානවා. සමහරු ශරීර කුණුවෙලා දුක් විඳලා මැරෙනවා. මැරිලත් නිරයට ඇඳගෙන ගිහින් අනත්ත දුක් විඳින්න වෙනවා. එතැනම මැරී මැරී අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳිනවා. ඔබටත් ඒ දුක් හවුලේ විඳින්න වෙනවා. එක් අනිවාර්යයි. ඔය දුකෙන් මිදෙන්න කල්පනා කරන්න. “
“ඔය බණ මට වැඩක් නැහැ මම මළ යකෂනියක්.”
“මම තමන්ට තවත් සතියක් කල් දෙනවා. මම තමුන්ට අනුකම්පා කරලයි කල් දෙන්නේ….”
“තමුසේගේ කල් දීමෙන් වැඩක් නෑ මට…”
“එහෙනම් දඩුවම් විඳින්න වේවි……”
“හි …… හි………….හි………. තමුසේ බම්බු ගහයි එහෙනම් අපි බලාගමු…..”
“තමුසේ කොයි තරම් කල් දුන්නත් මම යන්නේ නැහැ. මේකිව මරලා මිසක් යන්නේ නෑ. තමුසෙත් මාත් එක්ක සෙල්ලම් කරන්න ……”
ජයන්තිට ආවේශ වී සිටින මළ යක්ෂණිය උපදේශකවරයාට තර්ජනය කරන්නට වුවාය. .
මැයට කල්දිමෙන් වැඩක් නැති බව වටහා ගත් උපදේශකවරයා ශක්ති කිරණ අල්ලා භූතාත්මය පුච්චා දැමුවේය. අවුරුදු සිය ගණනකට නැගිටින්නට නොහැකි අයුරින් දුර්වලකොට මළ යක්ෂණිය පන්නා දැමිය. අනතුරුව උපදේශකවරයා පවුලේ අයටත් නිවෙසේ අයටත් ආරක්ෂාවක් යෙදිය. එදායින් පසු ජයන්තිට කිසිදු හිරිහැරයක් නොවිය. ඇය දැන් සැමියා සමඟ හොදීන් වාසය කරන්නීය. [sexypoll id=”9″]

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!