“තක්කෙටම…සිරිසේන මිය යනවා”-කියූ ප්‍රවීන ජෝතිර්වේදියාට අද සිදුවූ දේ…?

“තක්කෙටම…සිරිසේන මිය යනවා”-කියූ ප්‍රවීන ජෝතිර්වේදියාට අද සිදුවූ දේ…?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මියයන බවට අසත්‍යය අනාවැකියක් ප්‍රකාශ කළේ යැයි කියන ජෝතීර්වේදි විජිත රෝහන විජයමුණි මහතාට එරෙහි පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි රහස් පොලීසිය අද(03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබේ.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි.සැකකරු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇති බවත් ඒ අනුව පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

(Visited 1,508 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!