ඩුබායිහි ලාංකිකයා යාලුවාගේ ඇඟිල්ලක් කාලා

Spread the love
  •  
  •  
  •  
  •  

ඩුබායිහි සේවය කරන ශ‍්‍රී ලාංකිකයකු සිය මිතුරා වන පාකිස්ථානු ජාතිකයකුගේ ඇඟිල්ලක් සපා කෑම හේතුවෙන් එරට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ‍්‍රී ලාංකිකයා 29 හැවිරිදි අයෙක් වන අතර තමා සමඟ නවාතැන්ගෙන සිටින පාකිස්ථානු ජාතික 59 හැවිරිදි රියැදුරකු ලෙස ඩුබායිහි සේවය කරන්නකුගේ ඇඟිල්ලක් මෙසේ සපා කා ඇත.

දබර ඇඟිල්ල සපාකෑම හේතුවෙන් පාකිස්ථානු ජාතිකයාගේ සිරුරේ සියයට 6ක් මුළුමනින්ම අක‍්‍රිය වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබේ.

සැකකාර ශ‍්‍රී ලාංකිකයා අධිකරණය හමුවේ ලබන 24 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!