ඩිෆෙන්ඩර් රථයෙන් හප්පා දැමු පොලිස් ස්ථානාධිපති මියයයි

ඩිෆෙන්ඩර් රථයෙන් හප්පා දැමු පොලිස් ස්ථානාධිපති මියයයි

Spread the love
  •  
  •  
  •  
  •  

බම්බලපිටියේදී රිය අනතුරකට මුහුණ දීම හේතුවෙන් බරපතල තත්ත්වයෙන්  කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත.
යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පෙබරවාරි මස 24 අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.
අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර,දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!