ඩිලාන් හා හරීන් නිවෙස් වලට එස්.ටී.එෆ්.

Spread the love
  •  
  •  
  •  
  •  

අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ ඌව පළාත් මහඇමැති අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු මහතාගේ නිවෙස්වලට පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් යොදවා ආරක්ෂාව තර කර තිබේ.

ඔවුන් දෙදෙනාගේ නිවෙස් පිහිටා ඇත්තේ එකිනෙකට මීටර් 100ක් පමණ දුරින් බව කියැවේ.

ඊට අමතරව බදුල්ල සහ හාළිඇළ ප‍්‍රදේශවලට ද පොලිස් ආරක්ෂාව තර කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවැසී ය.

පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක් ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.

ඊයේ දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

(චාමර අමරසූරිය)

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!