
ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ඝාතක “ඇට ඉන්දික“ අත්අඩංගුවට
දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වූ ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් “ඇට ඉන්දික“ අත්අඩංගුවට ගෙන තිබේ. මාකඳුරේ මධුෂ්ගේ ගොලයෙක් වන ඇට ඉන්දික නැමැත්තා ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.කරන්දෙනිය බෙංවල ප්‍රදේශයේ කාන්තාවන්ගේ රන් මාල කැඩිම ගැන ලැබුණු පැමිණිල්ලකට සොයමින් සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.ඊයේ(08) රාත්‍රියේ එගොඩවෙල ප්‍රදේශයේ දී වැටලිමක් කල අවස්ථාවේ දී විදේස් රටක නිෂ්පාදිත ජීව අත්බොම්බයක් සමඟ මෙම සැකකරු පොලීස් බාරයට පත්ව ඇත.
(Visited 83 times)