ඩලස් ගෙන් ජෝන්ට “පෙති වර්ග” ගැන යෝජනාවක්

ඩලස් ගෙන් ජෝන්ට “පෙති වර්ග” ගැන යෝජනාවක්

Spread the love
  •  
  •  
  •  
  •  

මෙවර අයවැය සම්බන්ධයෙන් සිදු කෙරෙන වාද විවාදවලදී උණුසුම් සිදුවීම් රැසක් පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් පවතිනවා. මේ විදිහට අයවැය විවාදය අස්සේ ඇමති ජෝන් අමරතුංගට අපූරු පෙත්තක් ගැන මතක් කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම යි.
සිද්ධිය වුණේ මේ විදිහට,
“පාර්ලිමේන්තු මන්ත්‍රීකම රැකගන්න නම් මේ අයවැයට පක්ෂව ඡන්දය දෙන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සිදුවෙනවාද?” කියලා විවාදයට එක්වෙමින් ජෝන් අමරතුංග ඇමතිතුමා ඇසීය.
ඊට පිළිතුරු දෙමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා පවසා සිටියේ “මන්ත්‍රීකම රැකගන්න නම් අයවැයට පක්ෂව ඡන්දය දෙන්න කියලා ජෝන් අමරතුංග ඇමතිතුමා කිව්වා. තරුණකම රැකගන්න නම් ගොඩාක් පෙති වර්ග එහෙම තියෙනවයි කියලා මං මතක් කරලා දෙන්න කැමතියි”. කියාය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!