“ටෝනි රණසිංහ මියගියෙත් පසුගිය ආණ්ඩුවේ වරදින්” – රනිල්

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රවීණ සිනමා නළු ටෝනි රණසිංහ මහතාගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කර තිබේ.
ටෝනී රණසිංහ නම් සොඳුරු කලාකරුවාගේ නික්ම යාමෙන් ලාංකිය සිනමාව තුළ ඇති වන හිඩැස සම්පූර්ණ කිරීම පහසු කාර්යක් නොවන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවකින් පසුගිය රජය සමයේ තිර පිටපතක් රචනා කර ජාතික චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ටෝනී රණසිංහ මහතා දැඩි සිත් තැවුලකින් පසු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.
කෙසේ වෙතත් නව රජය බලයට පත්වීමෙන් පසු චිත්‍රපට සංස්ථාව සමග සාකච්ඡා කර මූල්‍ය ප්‍රතිපාදන සපයාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවීම ඉතා කනගාටුදායක බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවුඩයේ දැක්වෙයි.
ප්‍රවීණ රංගන ශිල්පි ටෝනි රණසිංහ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ උදෑසන අභාවප්‍රාප්ත විය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!